26.7 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය මගී බෝට්ටු සේවය හෙටින් ඇරඹේ

ඉන්දීය මගී බෝට්ටු සේවය හෙටින් ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය හෙට (14) සිට ආරම්භ වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නෞකා සේවයේ සමාරම්භය සටහන් කරමින් ඉන්දියාවේ සිට මගීන් සිය දෙනෙකු රැගත් නෞකාවක් කන්කසන්තුරේ දක්වා පැමිණීමට නියමිතය.

මෙය ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් වරාය සහ මෙරට යාපනයේ කන්කසන්තුරේ වරාය හා සම්බන්ධ වන අතර දෙරට අතර යාත්‍රා කිරීම සඳහා පැය 3ක කාලයක් ගත වෙයි.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුවයි මෙම මගී ප්‍රවාහන නෞකා සේවය ක්‍රියාත්මක වන්නේ.