26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවට IMF සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකාවට IMF සහාය අඛණ්ඩව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වා තිබේ.

එහිදී රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ස්ථායීකරණ වැඩසටහනට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩව කැපවන බවයි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇත්තේ.