― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව අවසන් වන දිනය ගැන ඉඟියක්

විදුලි කප්පාදුව අවසන් වන දිනය ගැන ඉඟියක්

මාර්තු 05 වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ​ඊයේ (28) ඇමති මණ්ඩලයට දැනුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රවාහන අර්බුදය සහ ඉන්ධන අර්බුදයද මාර්තු මස අවසන් වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ විශ්වාසය පල කළේය. තවද දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් විය. එය ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීන්දු විය.

ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.