― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි කප්පාදුව අවසන් වන දිනය ගැන ඉඟියක්

විදුලි කප්පාදුව අවසන් වන දිනය ගැන ඉඟියක්

මාර්තු 05 වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ​ඊයේ (28) ඇමති මණ්ඩලයට දැනුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රවාහන අර්බුදය සහ ඉන්ධන අර්බුදයද මාර්තු මස අවසන් වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ විශ්වාසය පල කළේය. තවද දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් විය. එය ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීන්දු විය.

ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.