― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබාලවයස්කාර දැරියකට හදි කළ පාසල් සිසුවා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියකට හදි කළ පාසල් සිසුවා අත්අඩංගුවට

වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 15 හැවිරිදි බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසිය විසින් මෙම බාලවයස්කරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බංගදෙණිය – කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර සිසුවා පසුගිය 14 වනදා පස්වරුවේ බාලවයස්කාර දැරියව මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව දැරියගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු බාලවයස්කාර සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව අප වාර්තාකරු සඳහන් කළා.