25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට

පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට

සපුගස්කන්ද ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ කඳාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී පසුගිය 05 වැනිදා මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එලෙස මියගොස් ඇති බවයි.

අදාළ සැකකරු සපුගස්කන්ද පමුණුවිල, සමිඳු මාවතේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ගිය පොලිස් නිලධාරීන්ට සැකකරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙලෙස පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.