― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපදෙස් පිළිනොපදින පොලිස් නිලධාරීන්ට නීති තදවෙයි

උපදෙස් පිළිනොපදින පොලිස් නිලධාරීන්ට නීති තදවෙයි

ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව පොලිස් ස්ථානවලට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛන සහ උපදෙස් පරිදි කටයුතු නොකළ පොලිස් නිලධාරීන් නවදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි එම ඒකකය සඳහන් කළේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකදී එම කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ජනතා පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛණ සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීමේ සිදුවීම් 125ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අතරින් සිදුවීම් 13 කට අදාළ චෝදනා සනාථ වීමත් සමඟ අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට චෝදනා පත්‍ර ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවවාද පත්‍රිකා ලබා දී ඇති නිලධාරීන් සංඛ්‍යාව 19ක් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.