27.8 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන් ආලේපිත බෝල සමඟ සිවුදෙනෙක් අල්ලයි

රන් ආලේපිත බෝල සමඟ සිවුදෙනෙක් අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී රන් පැහැති කුඩා ප්‍රමාණයේ බෝල 949ක් සොයාගෙන තිබෙනවා.

ඒ සමඟ සැකකරුවන් සිව්දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (15) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ විශේෂ රථ වාහන පරික්ෂා කිරීමක නියැලී තිබෙනවා.

එහිදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි ඩිකිය තුළ සඟවා තිබියදී රන් ආලේපිත කුඩා බෝල 949ක් සොයාගෙන තිබෙනවා. මේ සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා තණමල්විල, ඇතිලිවැව සහ පයාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35, 34, 31 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන්ගේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ මොවුන් වැලිගම ප්‍රදේශයේ තම මිතුරකුගේ නිවසට පැමිණි බවත් එම රන් ආලේපිත කුඩා බෝල නිවසේ තිබෙන පිත්තල පහන් කිහිපයක් අලුත්වැඩියා කිරීම සඳහා මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ වෙළඳසැලකින් මීට සති කිහිපයකට පෙර මිලදී ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැලිගම පොලිසිය මඟින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.