― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ගැන අනාවරණයක්

ඊශ්‍රායලයේදී අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් ජෝර්දානය හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවයන් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා සඳහන් කළේ.

ඒ අනුව අවුරුදු 50ක ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක කේ.ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා

මොවුන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර විස්තර තවදුරටත් ලබා ගැනීමට නියමිත බවයි ඔහු පැවසුවේ. එමෙන්ම මෙම කාන්තාවන් දෙදෙනාගේ ඉදිරි කටයුතු සහ ආරක්ෂාව සම්බන්ධව ජෝර්දානයේ තානාපති කාර්යාලය හා එක්ව කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගියදා හමස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ ශ්‍රී ලාංකික පුද්ගලයා ඊශ්‍රායලය තුළ නීති විරෝධී අයුරින් රැඳී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ඔහුට ලැබිය යුතු වන්දි මුදලක් හෝ වෙනත් කිසිඳු ආකාරයේ දීමනාවක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊශ්‍රායලය සහ හමස් සංවිධානය අතර පවතින යුද්ධය තවදුරටත් වර්ධනය වුණහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයන් මේ වනවිටත් අවදානය යොමුව ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ මේ වනවිට ඊශ්‍රායල්වල රැඳී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.