― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායල අගමැති ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි

ඊශ්‍රායල අගමැති ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව සිටින සහ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයින් මුණගැසීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා එම ඥාතීන් මුණගැසෙන ඡායාරූප ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර ඇති අතර එහිදී ඔහු ඔවුන්ව සනසන ආකාරය දැකගත හැකියි.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (15) පස්වරුවේ මෙම ඥාතීන් පිරිස හමුවී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හමාස් පාලනය යටතේ පවතින උතුරු ගාසා තීරයෙන් මේ වනවිටත් විශාල පලස්තීනුවන් ක්ටසක් ඉවත්ව දකුණු ගාසා තීරයට මේ වනවිටත් ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ඊශ්‍රායලය ‘ගාසා තීරය විනාශ කිරීමට’ සූදානම් වන බව, පලස්තීන ප්‍රදේශය සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ලින් හේස්ටිංස් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර පසුගිය 07 වනදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් පසු සිදුව ඇති විනාශය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූපයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, එක්ස් හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති ආකාරය දැකගත හැකි වුණා.