28 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalකොකේන් රැගෙන ඩුබායි පනින්න හැදූ කාන්තාවට වූ දේ

කොකේන් රැගෙන ඩුබායි පනින්න හැදූ කාන්තාවට වූ දේ

රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සැක සහිත කාන්තාවක් පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර අදාළ කාන්තාව ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ සිට ඩුබායි නගරය හරහා දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

ඇයගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 532ක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා පවසයි.
මෙය මෑත කාලයේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ අත්අඩංගුවට ගැනීමක් බව රේගු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාව සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත භාර දී තිබේ.