මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසයි.
එමෙන්ම මෙරට වාර්තා වන ලාදුරු රෝගීන්ගෙන් 10% ක් අවුරුදු 14ට අඩු දරුවන් බවයි ඔවුන් පවසන්නේ.
හොඳින් ලාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතු බවයි එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර සඳහන් කළේ.