― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsයාපනයේ සැමියෙක් තරුණ බිරිය එළොව යවලා

යාපනයේ සැමියෙක් තරුණ බිරිය එළොව යවලා

යාපනය, නාවට්කුලි ප්‍රදේශයේදී සැමියාගේ පහර කෑමට ලක් වූ බිරිඳක් ඊයේ (16) ඝාතනයට ලක්ව ඇති බව චාවකච්චේරිය පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසු වූ දෙදරු මවක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. එහිදී ස්වාමියා පොලිසියට පවසා ඇත්තේ සිය බිරිඳ තම සහෝදරයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට වූ ආරංචියක් මත තමන් බිරිඳට පහරදුන් බවයි.

එම පහරදීමේ දී බිරිඳ මිය ගිය බවට තමන් නොදනා බව ද ඔහු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.