― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබඩගෝස්තරවාදී දේශපාලනය තුරන් කළ යුතුයි - සජිත්

බඩගෝස්තරවාදී දේශපාලනය තුරන් කළ යුතුයි – සජිත්

වත්මන් රජය හොර පාරෙන් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා මිය යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාතර රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ.

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත් එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් විපක්ෂ නායකවරයා වැසිදුරටත් සඳහන් කළේය.