29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද්ධය දරුණු වුණොත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නවා

යුද්ධය දරුණු වුණොත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නවා

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය තවත් වර්ධනය වුවහොත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූලික සැලැස්මක් සකස් කර තිබෙන බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා පැවසීය.

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හදිසි අවශ්‍යතා සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනට තානාපති කාර්යාල වෙත අරමුදල් යොමුකර තිබෙන බවයි හෙතෙම සඳහන් කළේ.

මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය යටතේ තිබෙන තානාපති කාර්යාල, රතුකුරුස වැනි ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විදෙස් සබඳතා අංශ ගණනාවක සහාය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු මේ වනතාක් මෙරටට පැමිණීමට ඉල්ලීම් කර නැති බවයි.