අද (17) උදෑසන ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මේ වනවිට කොළඹ මාර්ග රැසක රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සහ ඒ අවට මාර්ග කිහිපයක, මරදාන, කින්සි පාර සහ ඩීන්ස් පාරේ මෙන්ම ආමර් වීදිය ප්රදේශයේද රථවාහන තදබදයක් පවතින බවයි.