― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගොවීන්ට බරක් නොදී පරණ මිලටම යූරියා දෙනවා - අමරවීර

ගොවීන්ට බරක් නොදී පරණ මිලටම යූරියා දෙනවා – අමරවීර

ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල ඉහළ ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට රුසියාව සහ යුක්‍රේනය අතරත්, පලස්තීනය සහ ඊශ්‍රායලය අතරත්, පවතින යුද ගැටුම් ඉහළ යාම හේතුවෙන් යූරියා ඇතුළු රසායනික පොහොරවල මිල ගණන් ඉහළ යා හැකි බවත් කිසි ලෙසකින්වත් එම බර මෙරට ගොවීන්ට දරන්නට ඉඩ නොදෙන බවත්ය.

එමෙන්ම මෙතෙක් ආනයනය කනු ලැබූ යූරියා පොහොර තොගවලින් මෙට්‍රික් ටොන් 21,000ක් මේ වනවිට බෙදාහැර ඇති බවත් තවත් යූරියා පොහොර විශාල ප්‍රමාණයක් ආනයනය සඳහා මිල ගණන් කැඳවා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයට අයත් පොහොර සමාගම් සතුව තිබූ පොහොර එම මිලටම සපයන අතර අලුතින් මිලදී ගන්නා යූරියා පොහොර මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් තිබුණද පැවති මිල වන රුපියල් 9000ක මුදලටම ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.