― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිපක්ෂ නායක හා පලස්තීන තානාපති අතර හමුවක්

විපක්ෂ නායක හා පලස්තීන තානාපති අතර හමුවක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා දෙරටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ පලස්තීන තානාපති Zuhair Hamdallah Said හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

ප්‍රචණ්ඩත්වය හෝ යුද්ධය ප්‍රශ්නයකට එකම විසඳුම නොවන බවත් තාවකාලික සාමයට වඩා ස්ථිර සාමයක් සඳහා දෙරටේ නායකයන් අතර එකඟතාවක් ඇති විය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

දෙරටේම ළමුන්, කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් ඝාතනයට, තුවාලවලට හා වධ හිංසාවලට ලක්ව ඇති බවත්, යුද වාතාවරණය තුළ අහිංසක සිවිල් වැසියන් මිය යන බවත් පෙන්වා දුන් ඔහු, මෙම ගැටුම් නතර කරන ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේය.

ගැටුම් හේතුවෙන් දෙරටේම ජීවිත අහිමි වූවන් වෙනුවෙන් විපක්ෂ නායකවරයා ශෝකය පළ කළේය.