― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසීතා ඇතින්නට තවත් සැත්කමක්

සීතා ඇතින්නට තවත් සැත්කමක්

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින සීතා ඇතින්නට සිදුකළ දෙවන ශල්‍යකර්මයේ දී ඇතින්නගේ ශරීරය තුළ තිබී යකඩ බෝලයක් හා ඊයම් කැබලි කිහිපයක් හමු වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසනවා.

සත්වයාට අද (17) දිනයේ මෙම සැත්කම පැය හතරකට ආසන්න කාලයක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්ය අශෝක දංගොල්ල,

මේ සතාට වෙඩි වැදිලා මේ වෙද්දී දින 18ක් පමණ වෙනවා. අපිට දක්නට ලැබෙන ආකාරයට මේ ඇතින්නගේ ශරීර සෞඛ්‍යයේ දුර්වල තත්ත්වයන් උද්ගත වෙමින් පවතිනවා. මේ තත්ත්වය මත තමයි අපි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ඇතින්නගේ ශරීරය තුළ ඇති තවත් ලෝහ කොටස් ඉවත් කිරීම සඳහා අවසර දෙන්න කියලා. අධිකරණයෙන් ඒ ඉල්ලීමට ලද අවසරය මත තමයි අද දින මේ ශල්‍යකර්මය සිදුකළේ. මෙහිදී මේ සත්වයාගේ පපුව ආසන්නයේ තිබී යකඩ බෝලයක් මෙන්ම තවත් ඊයම් කොටස් අපට හමුවුණා. දැන් අපිට විශාල සැකයක් තියෙනවා ඇතින්නගෙ පපුව තුළ එනම් උරස් කුහරයේ හෝ පෙනහල්ලේ නැතිනම් ඒ ආශ්‍රිතව තවත් යකඩ බෝල තිබෙනවා කියන තත්ත්වය පිළිබඳව, නමුත් කණගාටුවට කරුණ තමයි නිත්‍ය වශයෙන්ම මේ යකඩ බෝල තිබේදැයි සොයා ගැනීමේ හැකියාවක් දැනට අපිට නෑ. ඒ, සඳහා අවශ්‍ය උපකරණ හෝ නිසි ක්‍රමවේදයක් අප සතුව නෑ. ඒක ඉතාමත් අයහපත් තත්ත්වයක්. තවත් ලෝහ කැබලි සතාගේ ශරීරයේ තියෙන්න පුළුවන් කියලයි අපි හිතන්නේ. දැන් සතා සුපුරුදු පරිදි ආහාර ගැනීමේ නිරත වුණ ඇගේ ශරීර සෞඛ්‍යය යම් ආකාරයකින් දුර්වල වෙමින් පවතින බව අපිට පේනවා. අපි ඒ සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් ප්‍රතිකාර කටයුතු කරනවා.