― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

කිලිනොච්චිය, සුදලිකුලම් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

කිලිනොච්චිය, රාමනාදපුරම් පොලිස් වසමට අයත් සුදලිකුලම් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරන බවට රාමනාදපුරම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී ගෝඩා ලීටර් 18,750ක්, මත්පැන් ලීටර් 80ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන තිබේ.

මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාමනාදපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.