― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට

බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමටද නියමිතය.

ගාසා තීරයේ පලස්තින වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන්ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගාසා තීරයේ ගැටුම්වලින් මියයන පලස්තීනුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කනගාටුව පළ කර ඇති අතර ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී සමථයකට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා පැවැත්වීමට නියමිතය.