වයස අවුරුදු එකහමාරක සිය මිණිබිරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
63 හැවිරිදි මෙම සැකකාර පුද්ගලයා ඊයේ රාත්‍රියේදියි ලුණුගල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෝලන්ඩ් වත්ත පහළ කොටස – ලුණුගල පදිංචි පුද්ගලයෙක්.
පසුගිය 16 වැනිදා පෙරවරුවේ සැකකරුගේ බිරිඳ දෙහිගහවත්ත – කොට්ටල්බැද්ද පදිංචිව සිටින තම පුතාගේ නිවසට පැමිණ දහවල් නැවත නිවස බලා යන අවස්ථාවේදී වයස අවුරුදු එකහමාරක් වූ තම මිණිබිරියද ඇයගේ නිවසට ගෙන ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව සවස් කාලයේදී එම දැරිය සීයා සමග නිවසේ නවතා දර කැඩීමට ආච්චි අම්මා වත්ත පහළට ගොස් සිටියදී දැරියගේ පියා තම දියණිය රැගෙන යාම සඳහා එම නිවසට පැමිණි ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
එහිදී තම දෙමාපියන්ගේ නිවසේ දොර වසා තිබීම නිසා ජනේලයකින් නිවසට එබී බැලීමේදී තම දියණියට ඔහුගේ පියා (සීයා) විසින් ලිංගික අපයෝජනයක් සිදු කරනු දැක තිබෙනවා.
එයින් දැඩි ලෙස කෝපයට පත් බිළිඳියගේ පියා විසින් තම පියාට පහර දී දැරියව තම නිවසට රැගෙන ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ. ඉන් දැඩි මානසික අපහසුතාවකට පත්ව ඇති දැරියගේ පියා දින දෙකකට පසුව ලුණුගල පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කර තිබෙනවා.
සැකකාර පුද්ගලයා තම පුතා පහර දුන් බව පවසා ලුණුගල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇති බවත් ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවටත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
ලද තොරතුරු මත බදුල්ල රෝහලේ වාට්ටු අංක 8 හි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සැකකාර වයස්ගත පියාව පොලිස් අත්අඩංගුවට ගැනුණා.
අපයෝජනයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන තුරු පොලිස් භාරයේ සැකකරුව රඳවා ගැනුණු බවත් ලුණුගල පොලිසිය පවසනවා.