27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් පෙමක් නිසා කිරින්දේ වෙඩි තැබීමක්

අනියම් පෙමක් නිසා කිරින්දේ වෙඩි තැබීමක්

කිරින්ද පොලිස් වසමේ පුස්තෝලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (19) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව රෝහලර ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ පුස්තෝලමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන අයෙක්. තුවාලකරු, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාගේ බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධතාවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කිරින්ද පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.