― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඉන්දියාවට කඩුලු 7ක ජයක්

ඉන්දියාවට කඩුලු 7ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

පූනේහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් ලබා ගත්තා. Mahmudullah ලකුණු 46ක් රැස් කළා. Litton Das ලකුණු 66යි. Tanzid Hasan ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Jasprit Bumrah, Mohammed Siraj සහ Ravindra Jadeja කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගය ජය ගැනීමට ඉන්දියාවට හිමි වූ ඉලක්කය ලකුණු 257ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

වීරාත් කෝලි නොදැවී ලකුණු 103ක් ලබා ගත්තා. ශුබ්මන් ගිල් ලකුණු 53ක් සහ නායක රෝහිත් ශර්මා ලකුණු 48ක් ලබා ගත්තා.