― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාකිස්ථාන සහ ඕස්ට්‍රේලියා තරගය අද

පාකිස්ථාන සහ ඕස්ට්‍රේලියා තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 18 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ පාකිස්ථානය සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර යි. දෙරට අතර තරගය අද පස්වරු 02ට බැංග්ලෝර්හිදී පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට මුහුණදුන් තරග 05න් දෙකක් පමණක් ජයගෙන ඇති ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. පාකිස්ථාන කණ්ඩායම පැවති තරග 03න් දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ සිව්වැනි ස්ථානයේයි.

මේ වනවිට සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් අසුන්වල සටනට පැමිණ සිටිනවා. පැවති තරග සියල්ල ම ජය ගනිමින් නවසීලන්තය ලකුණු සටහනේ පළමු තැන සිටින අතර දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.