― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ තීන්දුව ලබන මසදී

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ තීන්දුව ලබන මසදී

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරු පිරිසක් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අයගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කල බවයි අප අධිකරණ වාර්තාකරු උදය කුමාර සඳහන් කළේ.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි ඊට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ගොනු කිරීමේ පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළ විනිසුරු මඬුල්ල රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් නියෝග කළා.

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවකාශ පවතින බවයි. එසේ තිබියදී තමන්ව වයස අවුරුදු 60 දී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් අයැද සිටිනවා.