27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමහීෂ්ගේ තත්ත්වය බරපතල නෑ

මහීෂ්ගේ තත්ත්වය බරපතල නෑ

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය බරපතළ නොවන බව ඉන්දියාවෙන් වාර්තා වනවා.

මහීෂ් තීක්ෂණට බැංගලෝරයේ දී සිදුකළ ස්කෑන් පරීක්ෂාවකින් පසුව මේ බව තහවුරු වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී මුහුණදෙන මීළඟ තරගය එංගලන්ත කණ්ඩායම සමඟ බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතයි.

දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙම තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වුණා.

එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) බැංග්ලෝර් නුවරට පැමිණියා.