ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ 2.1% සිට 2023 සැප්තැම්බර් මාසයේදී 0.8% දක්වා පහත වැටී තිබෙනවා.
මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේ (-5.4) සිට සැප්තැම්බර් මාසයේදී (-5.2)% දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තු මාසයේ 9% සිට සැප්තැම්බර් මාසයේදී 5.9% දක්වා පහත වැටී ඇති බවයි.