― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportබංග්ලාදේශයට ලකුණු 383ක දැවැන්ත ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 383ක දැවැන්ත ඉලක්කයක්

බංග්ලාදේශයට එරෙහි ව ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී දැවැන්ත ලකුණු පුවරුවක් දකුණු අප්‍රිකාව විසින් නිර්මාණය කරනු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනා දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

එම තීරණය සාධාරණීකරණය කරමින් පිටියට ආ දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරුවන් විසින් සිය ලකුණු පුවරුව ක්‍රමයෙන් ගොඩනැගීමට සමත් වුණා.

එහෙත් Reeza Hendricks ලකුණු 12කටත්, Rassie van der Dussen එක් ලකුණකටත් දැවී යද්දී දකුණු අප්‍රිකානු ඉනිම ලියැවී තිබුණේ ලකුණු 33කට කඩුලු 02ක් ලෙසයි.

එහෙත් සටන ලෙහෙසියෙන් අතහැරීමට හෝ බංගලී පන්දු යවන්නන් ඉදිරියේ පිත්ත අකුළා ගැනීමට අකමැති වූ ආරම්භක පිතිකරු ක්වයින්ටන් ඩී.කොක් යළි යළිත් තමන්ගේ පිතිකරණයෙහි ඇති ප්‍රවේගකාරීත්වය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

කොක් දැවී යනවිට පන්දු 140කට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 15ක් සමගින් ලකුණු 174ක් ලබා සිටියා.

කණ්ඩායමේ ඉහළ ම ලකුණු සබඳතාව බිඳී ගියේ කොක් සිව්වැනි කඩුල්ල ලෙසට දැවී යාමෙන්.

එතෙක් කොක් සහ ක්ලාසන් අතර පන්දු 87කට ලකුණු 142ක සබඳතාවක් ගොඩනැගී තිබුණා.

නායක මාක්‍රම් ලකුණු 60ක් ලබාගත්තා.

ක්ලාසන් පන්දු 49කට වේගවත් ලකුණු 90ක් රැස් කළා.

ඩේවිඩ් මිලර් නොදැවී පන්දු 15කට ලකුණු 34යි.

කඩුලු බිඳ හෙලීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Hasan Mahmud කඩුලු 02ක් ද, Mehidy Hasan Miraz, Shoriful Islam සහ Shakib Al Hasan එක් ව කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව තරගය බංග්ලාදේශයට ජය ගැනීමට නම් පන්දු 300කට ලකුණු 383ක් ලබාගත යුතු වනවා.