― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsIMF දෙවැනි වාරිකය ලැබීම ධනාත්මක බලපෑමක් - ශෙහාන්

IMF දෙවැනි වාරිකය ලැබීම ධනාත්මක බලපෑමක් – ශෙහාන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසය සහ එහි ධනාත්මක බලපෑම මගින් මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණයට විශාල වශයෙන් සහයෝගයක් හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් කොළඹ මූලස්ථානයේ පැවැති වැඩසටහනෙ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින්.

ආර්ථික අර්බුදය උග්‍ර වූ පසුගිය වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන ශ්‍රී ලංකාවට ඒ මොහොතේ ලබාදුන් සහාය අතිශය අගය කරන බවයි.

තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව සුවිශේෂී පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. වේගවත් ව්‍යූහාත්මක වෙනස්කම් රැසකට අවතීර්ණ වීමක් ද ඒ හරහා සිදු කර ඇති බවයි හෙතෙම පැමිණ සිටි දෙස් විදෙස් නියෝජිතයින් අමතමින් පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය ලබා ගැනීම පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පසුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.