24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ 04ක මිල පහළට

සතොස භාණ්ඩ 04ක මිල පහළට

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල අඩු කර තිබෙනවා.

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල මෙලෙස පහත දැමීමට තීරණය කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 222ක් වනවා. කඩල කිලෝවක ද මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 549ක්.

සතොස මගින් පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර පරිප්පු කිලෝවක නව මිල රුපියල් 295ක් වනු ඇති. රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 3කින් අඩු කර තිබෙනවා. නව මිල රුපියල් 169ක්.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ අද සිට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.