― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportකැන්ගරුවන්ට ලකුණු 309ක විශිෂ්ට ජයක්

කැන්ගරුවන්ට ලකුණු 309ක විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 309ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කණ්ඩායම අද සමත්වුණා.

තරගය පැවැත්වුණේ දිල්ලිහිදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399ක් ලබාගත්තා.

මෙම තරගයේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ වාර්තා අලුත් කිරීමට ග්ලේන් මැක්ස්වෙල්ට හැකියාව ලැබුණා.

ඒ ලෝක කුසලාන තරගයකදී ලබාගත් වේගවත්ම ශතකය තමාගේ නම ඉදිරියෙන් ලියා ගනිමින්. මැක්ස්වෙල් පන්දු 40කින් එම ශතකය ලබාගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ද සමගින්. Logan van Beek ගේ පන්දුවක් හමුවේ Sybrand Engelbrecht අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට මැක්ස්වෙල් ලකුණු 106ක් ලබා සිටියා.

ඩේවිඩ් වෝනර් ලකුණු 104යි. හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් එම ලකුණු 104ට ඇතුලත් වුණා. ස්ටීවන් ස්මිත් 71යි. Marnus Labuschagne ලකුණු 62ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek කඩුලු 4ක් සහ Bas de Leede කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 400ක්.

එහෙත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 21ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි. Vikramjit Singh ලකුණු 25යි.

පන්දු යැවීමේදී Adam Zampa කඩුලු 4ක් සහ Mitchell Marsh කඩුලු 2ක් බිඳ හෙලුවා