22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

චීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට පැමිණෙයි

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම් ලෑමට යාත්‍රාවට අවසර දී ඇති බවයි.

ඉන්දියාව විසින් මතු කරන ලද ආරක්‍ෂක ගැටළු නොතකා මෙම අවසරය ලබා දීම විශේෂත්වයක්. ෂි යාන් 6 නෞකාව ලබන 28 වැනිදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබෙනු ඇති.

කොළඹ වාරයේ නැංගුරම් ලෑමට ෂි යාන් 6 ප්‍රමාද වුවහොත් අනෙක් සෑම නෞකාවකට මෙන්ම එම නෞකාවට ද පැය 72ක සමා කාලයක් හිමි වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ෂි යාන් 6 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් ලෙස චීනය හඳුන්වන අතර පරීක්ෂණ පැවැත්වීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වනවා.