― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇමරිකාවේ ලුවිස්ටන්හි වෙඩි තැබීමක් - 22ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ ලුවිස්ටන්හි වෙඩි තැබීමක් – 22ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ ලුවිස්ටන්, මේන් හි වෙඩි තැබීම් කිහිපයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව කොපමණ දැයි මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර අවම වශයෙන් පුද්ගලයින් 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරකයා හඳුනාගැනීම සඳහා සැකකරුවෙකුගේ ඡායාරූප ආරක්ෂක අංශය විසින් නිකුත් කරන ලද අතර එම පුද්ගලයා අධි බලැති ප්‍රහාරක මාදිලියේ රයිෆලයක් අතැතිව සිටිනු දක්නට ලැබෙනවා.

ස්ථාන 3කදී මෙම වෙඩි තැබීම් වාර්තා වී ඇතැයි සඳහන්. සැකකරු 40 හැවිරිදි රොබට් කාඩ් නම් අයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහු සුදු පැහැති මෝටර් රථයක් පදවාගෙන පැමිණි බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රාන්ත පොලිසිය ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ දොරවල් අගුළු දමා නිවස තුළ රැඳී සිටින ලෙසටයි. කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයන් දුටුවහොත් කරුණාකර හදිසි ඇමතුම් අංශයට දැනුම්දෙන ලෙසට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ලුවිස්ටන් යනු පෝට්ලන්ඩ් සිට සැතපුම් 36ක් පමණ උතුරින් පිහිටි නගරයක් වන අතර එය ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරය ද වනවා.