― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාව කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම අරඹයි

ඉන්දියාව කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම අරඹයි

ඉන්දියාව විසින් කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කරන බව ඔටාවා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව විසින් කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම නවතා දැමීය.

සික් බෙදුම්වාදියෙකු කැනේඩියානු භූමියේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ බරපතල ආරවුලක් හේතුවෙනුයි මෙලෙස වීසා ලබාදීම අත්හිටවනු ලැබුවේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ගේ දූත මණ්ඩලවල ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කරන බවයි.

ඒ අනුව අද (26) සිට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ වනු ඇති.

ප්‍රවේශ වීසා සඳහා මෙන්ම ව්‍යාපාරික, වෛද්‍ය සහ සම්මන්ත්‍රණ වීසා සඳහාද එය අදාළ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.