― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅබිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක කොටස් වන බිමකින් හමුවෙයි

අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක කොටස් වන බිමකින් හමුවෙයි

අබිරහස් ලෙස මිය ගොස් ඇති අයෙකුගේ ඇට සැකිල්ලක කොටස් කිහිපයක් වනාන්තරයක තිබී සොයාගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ; හලාවත – මාදම්පේ, පනිරෙන්දාවේ පිහිටි වන බිමකින්.

වන සංරක්ෂණ දෙපර්තමේන්තුවේ හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අද දහවල් පනිරෙන්දාව වන්තරය තුළ නීරීක්ෂණයක යෙදී තිබෙනවා.

ඇට සැකිල්ලේ කොටස් මුලින්ම දැක ඇත්තේ එම අවස්ථාවේදීයි.

පසුව මේ බව මාදම්පේ පොලීසියට දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත තිබෙනවා.

මාදම්පේ – විලත්තව මාර්ගයේ ඇති පනිරෙන්දාව වනාන්තරයේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 125 ක් පමණ දුරක කැලෑව තුළට වන්නටයි ඇට කටු තිබී හමුව ඇත්තේ.

මිය ඇති අයගේ හිස් කබල, පසු පෙදෙසේ කොටසක් සහ තවත් ඇට කැබලි කිහිපයක් පමණක් අවට තිබී හමු ව තිබෙනවා.

ඊට අමතර ව කළු පැහැති දිග කලිසමක්, සුදු පැහැති ටී ෂර්ට් එකක්, රබර් සෙරප්පු දෙකක් සහ කුඩා ගමන්
බෑගයක් ද එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජූඩ් සමන්ත සඳහන් කළේ.

මෙම මරණය මාසයකට පමණ පෙර සිදු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කවුරුන් ද, එම මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළි ව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.