― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපැතුම් නිස්සංකගෙන් නව ලෝක වාර්තාවක්

පැතුම් නිස්සංකගෙන් නව ලෝක වාර්තාවක්

වසර 06කට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක ඊයේ (26) සමත්විය.

එංගලන්තය සමග පැවති තරගයේදී නොදැවී රැස්කරගත් ලකුණු 77ත් සමඟයි ඔහු මෙලෙස වාර්තා අතරට එක් වූයේ.

අවසන් වරට 2017 වසරේදී එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරු වූයේ උපුල් තරංගයි.

ඉන්දීය පිතිකරු ෂුබ්මන් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානයේ පසුවන්නේ පැතුම් නිස්සංකයි.

මේ අතර එක්දින ලෝක කුසලානයකදී අඛණ්ඩව වැඩිම අර්ධ ශතක රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමටද පැතුම් නිස්සංක ඊයේ සමත් වීම විශේෂත්වයකි.