― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාසියේ වාසිය පාකිස්ථානයට

කාසියේ වාසිය පාකිස්ථානයට

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද තරගයේ කාසියේ වාසිය නායක බාබර් අසාම් හට හිමි වුණා.

අද පස්වරු 02ට තරගය ආරම්භ වන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමටයි පාකිස්ථානය තීරණය කර ඇත්තේ.

අද තරගයට හසන් අලී එක් කර නොමැති අතර, ඒ වෙනුවට මොහොමඩ් වසීම් එක් කර තිබෙන්නේ පාකිස්ථාන පන්දු බලඇණිය වෙනුවෙන්. දකුණු අප්‍රිකානු නායකත්වය යළිත් ටෙම්බා බවුමා හට හිමි ගන්වමින්, ඔහු කණ්ඩායමට එක් කර ඇති අතර, Reeza Hendricks වෙනුවට කැඳවා ඇත්තේ Tabraiz Shamsi යි.