― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසීතා ඇතින්නගේ රුධිර සාම්පල ලබා ගනියි

සීතා ඇතින්නගේ රුධිර සාම්පල ලබා ගනියි

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව මහරගම සීතා ඇතින්නගේ රුධිර සාම්පලයක් ලබා ගැනීම අද සිදු කෙරුණා.

නියෝගයට අනුව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල විසිනුයි අද මහරගම පැලැන්වත්ත නාගස් මාවතේ පිහිටි සීතා ඇතින්න භාර රොෂාන්ට අයත් අලි ගාලේදී මෙම සාම්පල ලබා ගැනීම සිදු කෙරුණේ.

මෙහිදී අශෝක දංගොල්ල ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් ස්ථාන දෙකකින් රුධිර සාම්පල ලබා ගත් අතර මහේස්ත්‍රාත්වරයා විසින් කුමන ස්ථානයකින් සාම්පලයක් ලබා ගන්නේ ද යන්න සඳහන් කර නොමැති නිසා සාම්පල දෙකක් ලබා ගත් බව අශෝක දංගොල්ල ප්‍රකාශ කළා.

වනජීවී නිලධාරීන්ට මේ පිළිබඳ මහියංගන පොලිසියෙන් සහ මිරිහාන පොලිසියෙන් දැනුම් දී තිබුණ ද මෙම ස්ථානයට වනජීවී නිලධාරීන් පැමිණි නොතිබීම විශේෂත්වයක්.

වෙඩි වැදී ඇති තුවාල අටෙන් තුනකට අවශ්‍ය ප්‍රතිකාර කර ඇති නමුත් ඇතින්න ගේ ක්‍රියාශීලිත්වය අඩුවීම නිසා පපුව තුළ යම් ලෝහ ද්‍රව්‍යයක් ඇද්ද යන්න නිරීක්ෂණය කිරීමට පහසුකම් නොමැති බව ද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම සාම්පල ලබා ගැනීමේ අවස්ථාවට මහියංගන පොලිසියේ නිලධාරීන් සහ මිරිහාන පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිටි අතර රුධිර සාම්පල අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් එම ස්ථානයේදීම මුද්‍රා තබා රැගෙන යනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම ස්ථානයට වැඩම කර සිටි මහා සංඝරත්නය සීතා ඇතින්නට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පිරිත් නූලක් දමා පිරිත් සජ්ඣායනය ද සිදු කළ බවයි.