― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

අද (28) උදෑසන බොරැල්ල – පනාගොඩ මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ පනාගොඩ මාර්ගය අසළ නවතා තිබූ බහාලුම් රථයක පිටුපස මෙම තරුණයා ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම සමුපකාර මාවත හබරකඩවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

රැකියා ස්ථානයේ සිට නිවස බලා යමින් සිටියදීයි ඔහු මෙම අනතුරට පත්ව තිබෙන්නේ.