― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් වත්තලදී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් වත්තලදී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වත්තල, වැලිඅමුණ මාර්ගයේදී වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) උදෑසන කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරු වත්තල, වරකාපොළ යන පොලිස් වසම්වලදී රන් භාණ්ඩ සොරා ගැනීමේ අපරාධ ගණනාවක් සිදුකර ඇති දිවයිනේ විවිධ අධිකරණ මඟින් වරෙන්තු නිකුත්වී සිටින අයෙකු බවට කරුණු අනාවරණය වී තිබේ.

අදාළ සැකකරු හට අලුත්කඩේ, අත්තනගල්ල, මහනුවර, කෑගල්ල, වත්තල, ගල්කිස්ස, ගම්පහ, කන්තලේ, මාරවිල, මීගමුව සහ මිනුවන්ගොඩ යන අධිකරණ මඟින් රන් භාණ්ඩ කොල්ලකෑම්, යතුරපැදි සොරකම්, හෙරොයින් සන්තකයේ තබා ගැනීම් වෙළෙඳ සැල් බිඳ දේපළ සොරා ගැනීමේ අපරාධ සඳහා අධිකරණ මඟින් වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. ජංගම දුරකථන සොරකම් කීරීම්, රන්මාල කොල්ලකෑම්, යතුරපැදි සොරාගැනීමේ අපරාධ සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය, කඩුවෙල, අවිස්සාවේල්ල හා අත්තනගල්ල යනව අධිකරණ මඟින් පවරා ඇති චෝදනාවලින් වැරදිකරු වී එම අධිකරණ මඟින් සිරදඬුවම් ලැබීම, දඩ මුදල් ගෙවීම් හා ප්‍රජා සේවයේ යෙදවීම් යන පෙර වැරදි ගණනාවක් ඇති බවටද පොලීසියට අනාවරණය වී ඇත.

මෙම සැකකරු විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ ස්වර්ණාභරණ ආයතනයනට විකිණීමෙන් පසු උණුකර තිබීයදී සොයාගෙන ඇත. තවද සැකකරු විසින් සොරාගන්නා ලද යතුරුපැදියක්ද පොලීසිය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (02) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.