― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපුද්ගලයින් 18 දෙනෙකු බිලිගත් ලුවිස්ටන් ඝාතකයාගේ මළ සිරුර හමුවෙයි

පුද්ගලයින් 18 දෙනෙකු බිලිගත් ලුවිස්ටන් ඝාතකයාගේ මළ සිරුර හමුවෙයි

පුද්ගලයින් 18 දෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවේ ලුවිස්ටන් හිදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම සමූහ ඝාතකයා සොයා දින දෙකක සිට සිදුකළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර මෙලෙස සොයාගැනීමට හැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඔහුගේ සිරුර මෙලෙස හමුව තිබෙනවා.

40 හැවිරිදි වියේ පසු වූ රොබට් කාඩ් නැමැති මෙම ආරාධකරු සැලකෙන්නේ මෙම වසරේ එක්සත් ජනපදයේ සිදුවූ දරුණුතම සමූහ ඝාතනය සිදුකළ පුද්ගලයා ලෙසටයි.

ලුවිස්ටන් ඇතුළු නගර තුනක් සම්පූර්ණයෙන්ම වසා දමා ප්‍රදේශයේ ආරක්ෂක අංශ මෙම අපරාධකරු සොයාගැනීම සඳහා පැය 48ක මෙහෙයුමක් දියත් කරණු ලැබුවා.

ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් නගරයේ ස්ථාන තුනක දී අපරාධකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ මීට දින දෙකකට පෙරයි.

එහිදී පුද්ගලයින් 18 දෙනෙකුට ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් 13 දෙනෙක් තුවාල ලැබුවා.

මෙම ඝාතනයන් සිදුකළ අපරාධකරු ඇමරිකානු යුධ හමුදා රිසර්ව් භටයකු බව ද වාර්තා වූ අතර, ඔහු මෑතකදී මානසික වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත් අයෙකු බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.