26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅනියම් සැමියා සමඟ එක්ව සැමියා හප්පා මැරූ කතක් අත්අඩංගුවට

අනියම් සැමියා සමඟ එක්ව සැමියා හප්පා මැරූ කතක් අත්අඩංගුවට

මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාවගේ සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීම හේතුවෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 27 වැනිදා මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා සිටි සැමියා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමි සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා එක්ව සිදුකළ ඝාතනයක් බවයි.