28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල 30%කින් නගී

එළවළු මිල 30%කින් නගී

එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග එළවළු වගා බිම් රැසක් විනාශ වීම හේතුවෙනුයි මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ.

පවතින වැසි තත්ත්වය සමග බෝංචි, ගෝවා, තක්කාලි වගාවන්ට දැඩි හානි වීම නිසා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එම එළවළු තොග විශාල ලෙස අඩුවී ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරි කාලයේදී එළවළු සැපයුම තවදුරටත් අඩුවීමෙන් එළවළු මිල තවත් වැඩිවිය හැකි බවයි.