― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසිනෝපෙක් සමාගමත් ගණන් උස්සයි

සිනෝපෙක් සමාගමත් ගණන් උස්සයි

සිනොපෙක් සමාගමද තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ සිය මිල ගණන් සංශෝධනය වන බවයි.

එම මිල ගණන්වලට සාපේක්ෂවයි සිනොපෙක් ඉන්ධන හල්වල ද මිල ගණන් වෙනස් කර ඇත්තේ.

ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් හි මිල රුපියල් 02කකින් පහත දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 356ක්.

නමුත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. පෙට්‍රල් 95 රුපියල් 2කින්, ඔටෝ ඩීසල් රුපියල් 03කින් සහ සුපර් ඩීසල් රුපියල් 14කින් ඉහළ ගොස් තිබෙනවා.