― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇල්ලේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ලේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් 02 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසළින් කිරිඳි ඔයේ අතු ගංගාවකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර ඊයේ රාත්‍රියේදී සිදුව ඇති අතර අනතුරින් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් වන අතර තුවාල ලැබූ අයගෙන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබලෙක්.

ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථය එක්වරම මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.