― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවැටුප් ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීම සුබ ආරංචියක්

වැටුප් ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීම සුබ ආරංචියක්

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එය නිවැරදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිසාවකට ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි.

මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත දිනය පමා කොට ගෙවීම ආදී පියවර අනුගමනය කිරීමට පවා රජයට සිදු වූ බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එහෙත් අද වනවිට සාකච්ඡා වන්නේ වැටුප් ගෙවන ආකාරය නොව වැටුප් වැඩි වන ප්‍රමාණය පිළිබඳව බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ සාම්ප්‍රදායික විපක්ෂයක් සමග ගමන් කරමින් රට නිවැරදි දිශාවක් කරා ගමන් කරවමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩිවීම විපක්ෂයට සටන් පාඨ අහිමි කිරීමක් බවයි.

වැඩි වන වැටුප හිමි කර ගැනීම සේම ඒ වෙනුවෙන් දුෂ්කර ආර්ථිකයක් යටතේ ගමන් කරන රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීම රාජ්‍ය සේවයකයන්ගේ වගකීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.