― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි බිලට එරෙහිව පාරට බැස්ස කස්සප හිමි අත්අඩංගුවට

විදුලි බිලට එරෙහිව පාරට බැස්ස කස්සප හිමි අත්අඩංගුවට

ශීඝ්‍රයෙන් වැඩිවෙන විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි ව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ පූජ්‍ය පක්ෂයේ හිමිනමක් ඇතුළු හයදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු ව ඇත්තේ අධිකරණයෙන් වාරණ නියෝගයක් ද තිබෙන පසුබිමකදී බවයි.

මෙම විරෝධතාව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබුවා.

ඒ දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ තෙක්. මෙම පාගමන ආරම්භයේදීම පොලිසිය දැනුම්දී තිබුණේ පා ගමන සිදු නොකරන ලෙසටයි.

ඒ වනවිටත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකට එරෙහිව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

නමුත් එයද නොතකමින් කලහකාරී ලෙස පා ගමන සිදු කිරීම හේතුවෙනුයි උද්ඝෝෂකයින් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ.

මේ වනවිටත් සැකකරුවන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා තිබෙන බවත් වාර්තා වනවා.