31 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුලතිව් පාසලක් අසළින් මෝටාර් උණ්ඩ හමුවෙයි

මුලතිව් පාසලක් අසළින් මෝටාර් උණ්ඩ හමුවෙයි

මුලතිව්, මුල්ලියාවේලි විද්‍යානන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය අසළ තිබී මෝටාර් උණ්ඩ 05ක් හමු වී තිබේ.

මුල්ලියාවේලි පොලිසිය පැවසුවේ ඊයේ (01) විද්‍යාලීය ක්‍රීඩාංගණයේ වැට සීමාව පිරිසිදු කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ හමු වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ සහයෝගයෙන් අදාළ මෝටාර් උණ්ඩ විද්‍යාලය අසළින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

යුධ සමයේ එල් ටී ටී ඊ සංවිධානය විසින් සඟවා ගිය මෝටාර් උණ්ඩ කිහිපයක් එලෙස හමුවන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.