― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවට සහය දෙන්නේ අවංක චේතනාවෙන්

ශ්‍රී ලංකාවට සහය දෙන්නේ අවංක චේතනාවෙන්

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය අභිවෘද්ධිය උදෙසා අවංකවම කටයුතු කිරීමට චීන රජය නිරතුරුවම සූදානම් බව චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යැන්වෙයි සූ පවසනවා.

මහනුවරදී මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඊයේ (01) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළා.

නියෝජ්‍ය තානාපතිවරයා පළමුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඉන් අනතුරුව ඔහු මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේලා බැහැ දුටුවා.

මෙහිදී නාහිමිවරු හමුවේ අදහස් දක්වමින් චීනයේ මෙරට නියෝජ්‍ය තානාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව හා චීනය අතර වසර 2000 කට අධික ඉපැරණි සම්බන්ධතාවයක් පවතින බවයි.

චීනයේ කෝටි දහයකට අධික බෞද්ධ ජනතාවක් සිටින බවත් ශ්‍රී ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයකට අවශ්‍ය සහයෝගය ලබාදීමට නිරතුරුවම සූදානමින් සිටින බව ද සඳහන් කර සිටියා.

දෙරට අතර බෞද්ධ ආගම හා බැඳුණු දීර්ඝ මිතු දහම තවත් ශක්තිමත් කරගැනීමට මහා නායක හිමියන්ගේ අනුශාසනා බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය තානාපතිවරයා මෙහිදී පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් වූ සෑම අවස්ථාවකම චීනය ඉදිරිපත්ව ගැටළු විසඳාගැනීම සඳහා සහයෝගය ලබාදීම ඉතාමත් අගය කරන බවත් එම සහයෝගය අනාගතයේදී ද අපේක්ෂා කරන බව ද මෙහිදී නාහිමිවරුන් දේපල නියෝජ්‍ය තානාපතිවරයා වෙත සඳහන් කර සිටියා.