― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබංග්ලාදේශයෙන් මෙරටට ඖෂධ තොගයක්

බංග්ලාදේශයෙන් මෙරටට ඖෂධ තොගයක්

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේදී ලැබීමට නියමිතය.

බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සමග පැවති හමුවකදීයි මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක්ද පවතින අතර පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ද ඒ අතර වන බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.

මීට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිත බවද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.